(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවසේ කවුරුත් නොමැති අවස්ථාවක 12 හැවිරිදි ඥාති සොහොයුරියක දූෂණයට ලක් කළ බව කියන පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
දූෂණයට ලක් වූ දැරිය රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
දැරියගේ මව සහ පියා දැරිය කුඩා කාලයේදීම මියගොස් ඇති අතර දැරිය හැදි වැඩී ඇත්තේ පියාගේ සහෝදරයෙකුගේ නිවසේ බව පොලිසිය පැවැසීය.
දැරියගේ පියාගේ සහෝදරයාගේ දියණිය විවාහ වී ඇත්තේ සැකකාර පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා සමඟ බව පොලිසිය කියයි.
සැකකරුගේ බිරිඳ ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතව සිටින අවස්ථාවේ සැකකරු දැරුයට මුලින්ම අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
දැරිය ඒ බව පුංචි අම්මාට පවසා ඇති අතර ඇය සැකකාර බෑනාට අවවාද කර තිබූ බව පොලිසිය කියයි.
ඒ බව ගනන් නොගත් සැකකරු නැවත වතාවක් දැරියට අතවර කිරීමෙන් පසු දැරිය ඒ පිළිබඳව පන්ති භාර ගුරුතුමියට දැනුම් දීමෙන් අනතුරුව එම ගුරුතුමිය කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැරියට හදි කළ පරිගණක ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට