(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල , නබඩගහවත්ත ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරයාට රාජකාරි කටයුතු ඉටු කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරයෙකු බාධා එල්ල කරන බව පවසමින් එම ග්‍රාම නිලධාරිවරයා ගලේවෙල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
නබඩගහවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වයි. එම්. ඩබ්ලිව්. ධර්මවර්ධන බණ්ඩාර මහතා මෙම පැමිණිල්ල සිදු කර ඇත.
නබඩගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකරුවන්ගේ තොරතුරු පත්‍රිකාවක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් ඉල්ලා තිබෙන බැවින් තමන් ස්වෙච්ඡා සංවිධාන ප්‍රධානීන් සහ මුස්ලිම් පල්ලිය ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ නිලධාරීන් හරහා වසමේ සියලු දෙනාට රැස්වීමක් කැඳවූ බවත් එසේ රැස්වීම කැඳවීම ගිය අවස්ථාවේදී තමන්ට බාධා කරමින් බැණවැදී රාජකාරියට බාධා එල්ල කළ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන්ය.
ග්‍රාම නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉමිතියාස් මොහොමඩ් ගවුස් නැමැති පුද්ගලයෙකු සහ තවත් කිහිප දෙනෙකු පැමිණ මෙලෙස රාජකාරියට බාධා කළ බවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මන්ත්‍රීවරයකු රාජකාරියට බාධා කළේ යැයි ග්‍රාම නිලධාරිවරයකුගෙන් පැමිණිල්ලක්