IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බැංකුවක් කොල්ලකෑමට යොදාගත් වාහන 4ක් වසරකට පසු සොයාගනී

(කේ බුද්ධික කුමාරසිරි)

අනුරාධපුර තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 16 කට අධික මුදල් සහ ස්වර්ණාභරණ සොරා ගෙන පලා යාමේ සිද්ධියට සම්බන්ධ මහ මොළකරු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී එම කොල්ලයට යොදා ගත් වාහන හතරක් අද (29) එප්පාවල ප‍්‍රදේශයේදී සොයාගත් බව එප්පාවල පොලිසිය පවසයි.

ඉකුත් 2018 වර්ෂයේ මැයි මස 21 වන දිනත් ජූනි මස 02 වැනි දිනත් අතර කාලයේ තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක පිටුපස දොර කඩා ඇතුළු වී එහි ආරක්ෂිත කාමරයක තිබූ සේප්පුව කපා රුපියල් දාසය කෝටි විසිපන් ලක්ෂයකට වැඩි මුදලක් සහ ස්වර්ණාභරණ සොරා ගෙන ගොස් තිබූ බව පොලිසිය පැවසීය.

පසුව මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්  පරීක්ෂණ සිදු කළ ද සොරකම පිළිබඳව තොරතුරක් අනාවරණය කර ගැනීමට අපෝහොසත් වූයෙන් පොලිස්පතිවරයාගේ නියමය පරිදි බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සහ එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ කණ්ඩායමක් නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පොලිසිය කීය.

ඒ අනුව පරීක්ෂණ සිදු කරමින් සිටින අතරතුර ඉකුත් ජනවාරි මස 20 වැනි දින මෝටර් රථයකින් ගංජා ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු එප්පාවල කිරුලෝගමදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම සැකකරුවන් රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළද එම සැකකරුවන්ගේ දුරකථන වාර්තා විමර්ශනය කළ බව පොලිසිය පැවසීය.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත සැකකරුවන් සම්බන්ධයෙන් තඹුත්තේගම අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණයේ නියෝගය මත සැකකරුවන් අද (29) නැවතත් පොලිස් භාරයට ගෙන අදාල තොරතුරු සනාථ කර ගත් බවත් ඒ අනුව සැකකරුවන් යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය සඳහන් කළේය.

 

 



අදහස් (0)

බැංකුවක් කොල්ලකෑමට යොදාගත් වාහන 4ක් වසරකට පසු සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site