(එෆ්.අස්ලම්)
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක්වූ අනාරක්ෂිත පවුල් 3000ක් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකුගේ දේශපාලන කෝන්තරයක් මත අතරමග නවතා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
අමාත්‍යංශයේ වියදමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැඩි අවදානම් නිවාසවල විසූ අනාරක්ෂිත පවුල් 28ක් පදිංචි කිරීමට තෝරාගත් සුරක්ෂිත ස්ථානයක පිහිටි රජයේ ඉඩම ලබාදීමට එජාප දේශපාලකයා එල්ල කළ විරෝධය හමුවේ නවතා දැමීමට සිදුව ඇතැයි ද වාර්තා වේ.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ වියදමින් බදුල්ල දිස්ත්‍රික්කයේ අවදානම් පවුල් 3000 ක් අතරින් හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පවුල් 28 ක් මලිත්ත ප්‍රදේශයේ රජයේ ඉඩමක ලබන (1) වැනි දා ප්‍රථමයෙන් පදිංචි කිරීමට සංවිධානය කර තිබිණි.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම වැඩසටහන තාවකාලිකව නවතා දැමීමට සිදුවූ බව බදුල්ල දිසා ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග ද තහවුරු කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd