(රෝවන් පෙරේරා )
පුත්තලම ලක් විජය බලාගාරයේ තාක්ෂණ හා ඉජිනේරු සේවා සේවකයින්ගේ වර්ජනයක් අද බලාගාරය ඉදිරිපිට පැවැත්විණි.
ඔවුන්ට ලැබෙන සම්පූර්ණ වැටුපෙන් 85% පමණ ගෙවා 15% කප්පාදු කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය ලංකා ඒකාබද්ධ ඉජිනේරු සේවා පෙරමුණ සංවිධානය කර තිබුණි.
පසුගිය මාර්තු මාසයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරිය ගත් තීරණයකට අණුව ලංකාව පුරාතාක්ෂණික හා ඉජිනේරු සේවා සේවකයින් දොළොස්දහසකට පමණ සම්පූර්ණ වැටුපෙන් 85% පමණක් ගෙවීම් සිදුකිරීම හේතුවෙන් සේවකයින් දැඩි අපහසුතාවයට පත්වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
මාර්තු මාසයේ සිට සිදුවන මෙම වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා ඇතුලු විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීන්ට සහා පාලන අධිකාරියට කිහිපවරක් දැනුම් දීම් කළත් ප්‍රතිඵලයක් නොලැබූණු හෙයින් අද දිනයේ දිවා ආහාර වේලාව තුළ මෙම විරෝධතාව කරමින් බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කළ බවත් එයට විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී මුළු රටම අඳුරට පත්වන තරමේ දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවත් ඔවුහු පැවසූහ.




2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්විජය බලාගාරයේ තාක්ෂණ-ඉංජිනේරු වර්ජනයක්