හෙරොයින් තබා ගත් අයෙක් අත්අඩංගුවට හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි ජාවාරම්කරුවකු කල්පිටිය කුරක්කන්හේන නිවසක දී අද (4) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 04 June 2019
ෂාෆිට එරෙහි පෙත්සම් ලක්ෂයක් අත්සන් කිරීම ඇරඹෙයි මව්වරුන් වන්ද්‍යකරණය කරනු ලදැයි චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්ර්රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යන අයට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක් අත්සන් කිරීම වාරියපොල නගරයේ දී අද (4) ආරම්භ විය. 04 June 2019
අ’පුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ගැන සිදුවන විනය පරීක්ෂණය අත්හිටුවන්න නියෝග අනුරාධපුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සම්බන්ධයෙන් සිදුකරන විනය පරීක්ෂණය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවන ලෙස උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම් පී.බංඩාර මහතාට අද (04) නියෝග කළේය. 04 June 2019
හල්දුම්මුල්ල ඇළක ජීව අත්බෝම්බයක් හල්දුම්මුල්ල සොරගුණේ ගෝනකැටියආර ප්‍රදේශයේ ඇළක තිබී ජීව අත්බෝම්බයක් අද (04) සොයා ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි. 04 June 2019
කල්ලඩි රක්ෂිතයේ අනවසරෙන් පස් කැපූ 4ක් අත්අඩංගුවට මුලතිව් අඩවි වන කාර්යාලය යටතේ පාලනය වන පුදුකුඩුඉරිප්පු කල්ලඩි රක්ෂිතයේ අනවසරෙන් පස් කපමින් සිටි ජාවාරම්කරුවන් සිව්දෙනෙකු අද (04) සැකපිට අත්අඩංගුවට ගත් බව මුලතිව් අඩවි නව නිලධාරී රුවන් ගලප්පත්ති මහතා පැවසිය. 04 June 2019
තවුහීත් ජමාත් සමඟ සබඳතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයා රිමාන්ඩ් සහරාන් හසීම් නමැත්තා සමඟ සහ තවුහීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවල තව්හීත් ජමාත් පල්ලි ඉදිකිරීම සඳහා මුදල් ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයෙකු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද(04) නියෝග කළේය. 04 June 2019
ගුරුතුලනයට බලධාරීන් දුන් තොරතුරු ගැන පරීක්ෂණයක් ඉල්ලයි ගාල්ල කලාපයේ ගුරු තුලනය ඇතිකිරීමේ ක්‍රියාවලියේ දී අධ්‍යාපන බලධාරීන් ලබාදී ඇති තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. 04 June 2019
රේල් පීලිවලට ගල් තැබූ අයෙකු රිමාන්ඩ් ගිංතොට දුම්රිය ස්ථානයේ රේල් පීලි දෙක අතර ගල්තබා අවහිර කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද(04) බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් සහ රුපියල් 3,000ක දඩයක් නියම කර සිර දඬුවම වසර 5කට අත්හිටවනු ලැබුවාය. 04 June 2019
මාතර තල්පාවිල විදුහලේ තාප්පය හදිසියේ කඩාවැටේ වැසි සහිත කාලගුණික තත්වයත් සමඟ මාතර තල්පාවිල මධ්‍ය මහ විද්‍යාලයේ ආරක්ෂිත තාප්පය අද (04) දහවල් හදිසියේ කඩා වැටී තිබේ. 04 June 2019
වරෙන්තු 21ක් නියම වූ අයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට මහමග ගමන්ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා රන්මාල කොල්ලකෑමේ යෙදී සිටි, අධිකරණයෙන් වරෙන්තු 21ක් නියම වූ පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 04 June 2019
අන්තවාදය පිටු දැකීම වෙනුවෙන් පාගමනක් අන්තවාදය පිටුදකිමු මැයෙන් සංවිධානය කර තිබූ පාගමනක් අද ( 04 ) පොළොන්නරුවේදී පැවැත්විණි. 04 June 2019
මංගලගේ ප්‍රකාශයට මාතර ප්‍රා.සභාවේ විරෝධතාවක් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යයි ප්‍රකාශයක් කළ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරෝධය පළ කිරීම සඳහා මාතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අද (04) කලු පටි පැළද එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නියැලුණහ. 04 June 2019
වෛද්‍යවරයා ඝාතනය කළ තිදෙනා රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ තනිව වාසය කළ වෛද්‍යවරයකුගේ අත්පා බැඳ දෑසට මිරිස්කුඩු ගසා හිසට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා ලබන 18 වැනි දා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණීය මහතා අද (4) නියෝග කළේය. 04 June 2019
මත්කුඩු ගිලදැමීමට තැත් කළ කතක් අල්ලයි වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන අවස්ථාවේ හෙරොයින් මත්කුඩු ගුලියක් ගිලදැමීමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 June 2019
බලපත් නොමැති ගව ඝාතකාගාරයක් වටලා 9 ක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව මී ගවයන්, කිරිදෙනුන් ඝාතනය කරමින් සිටි පුද්ගලයන් 9 දෙනකු ගල්කිරියාගම පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රදේශයේ මස් මඩුවක දී අත්අඩංගුවට ගෙන තිබේ. 04 June 2019
ලක්ෂ 8ක මත්කුඩු පැකට් සමඟ කාන්තාවක් අත්අඩංගුවට මොරටුව, එගොඩ උයන ජයගත්පුර ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනාකමින් යුත් මත්කුඩු පැකට් 500ක් සමඟ කාන්තාවක අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි. 04 June 2019
නිධන් හාරමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල පල්ලෙවෙල ප්‍රදේශයේ වැවක් අසළ ගල්තලාවක ගල්වෙඩි දමා නිදන් හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 04 June 2019
බඹරු ඇනීමෙන් සිසුන් තුනකට තුවාල මැදිරිගිරිය ප්‍රදේශයේ දිවුලන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට අද (4) බඹරු ඇනීමෙන් රෝහල් ගත කළ බව මැදිරිගිරිය පොලිසිය පවසයි. 04 June 2019
දියර කිරි ගෙන යන මුවාවෙන් මුව මස් ජාවාරමක් දියර කිරි ප්‍රවාහනය කරන අතර තුර රහසිගත ලෙස කැබ් රථයක මුවමස් රැගෙන යමින් සිටි සැකකරුවකු අද (4) නවගත්තේගම අඩවි වන ජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 June 2019
ඩෝසරයකට යටවී අයෙක් මරුට ඉමදූව හව්පේ ප්‍රදේශයේදී ඩෝසරයකට යටවීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ඉමදූව පොලිසිය කියයි. 04 June 2019
මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන 632 ක් සඳහා සංවර්ධන වැඩසටහනක් “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ සිව්වැන්න අද (03) සිට (08) වැනි දින දක්වා මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක් ඉලක්ක කරගෙන පැවැත්වේ. 03 June 2019
විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණ ජූනි තුන්වන සතියේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ජූනි මස තෙවන සතියේදී ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 03 June 2019
බීමතින් බන්ධනාගාරයට ගිය 5 ක් අත්අඩංගුවට බීමතින් සිටි සැකකරුන් පස් දෙනෙකු මහර බන්ධනාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 June 2019
රත්නපුර ඡායාරූප ගත කළ තිදෙනා යළි රිමාන්ඩ් වෙසක් පෝය දිනට පසුදින රත්නපුර නගරය ඡායාරූප ගත කළ ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන් යැයි සැකකරන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයන් තිදෙනා සම්බන්ධ නඩුව අද (3) කැඳවූ අවස්ථාවේදී වැඩිදුර විමර්ශන වාර්තාවක් හා නඩුවට අදාල සංදේශ මේ මස 17 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා මහත්මිය පොලිසියට නියෝග කළාය. 03 June 2019
සබරගමු සරසවි සිසුහු පාරට බසිති කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති සියලුම පිඨ විවෘත කරන ලෙස බල කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් අද (03) විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. 03 June 2019
‘සැත්කම්වලින් මදසරුබව ඇතිවීම ගැන පැමිණිලි කඩිනමින් විමර්ශන කරන්න’ සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානිකිරීම නිසා මදසරුභාවය ඇති වූ බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් හා පාරදෘශ්‍ය විමර්ශනයක් සිදුකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 June 2019
නවීන බස් රථ 68ක් චීනයෙන් ආනයනය කරයි වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 68ක් චීනයන් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර ඇත. 03 June 2019
මධුමාධවගේ පෙත්සම 13 දා කැඳවයි පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන 13 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 03 June 2019
ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමැති කටුවපිටිය දේවස්ථානයේ සංචාරයක දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ටේ්රලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (3) පස්වරුවේ පාස්කු ඉරුදිනයේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය නිරීක්ෂණයට ගියේය. 03 June 2019
ත්‍රි’ මලේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුත් උපවාසයක ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු ආණ්ඩුකාරවරු දෙදෙනෙක් එම තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අද (3) ත්‍රිකුණාමලය නගරයේ උපවාසයක් ආරම්භ කරනු ලැබීය. 03 June 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025