(ඩබ් ඒ පියතිලක)
මැදිරිගිරිය ප්‍රදේශයේ දිවුලන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට අද (4) බඹරු ඇනීමෙන් රෝහල් ගත කළ බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
දරුවන්ගේ ආරක්ෂාව හේතුවෙන් පාසල වසා දැමීමට කටයුතු යොදා ඇත.
බඹරු ඇනීමට ලක්ව 5 වසර සිසුන් තිදෙනෙකු මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බව දිවුලන්කඩවල පාසලේ විදුහල්පති පවසයි.
විද්‍යාලය ඉදිරිපිට ඇති ජලය බෙදාහරින ස්ථානයක ජල ටැංකියේ බැද ඇති බඹර වදයක් ඇවිස්සීමෙන් සිසුන්ට බඹරු ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි.
බඹර වදය ඉවත්කිරීමට බලධාරීන්ට වහාම පියවර ගන්නැයි දෙමාපියෝ ඉල්ලා සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඹරු ඇනීමෙන් සිසුන් තුනකට තුවාල