(ඩබ් ඒ පියතිලක)
මැදිරිගිරිය ප්‍රදේශයේ දිවුලන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට අද (4) බඹරු ඇනීමෙන් රෝහල් ගත කළ බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
දරුවන්ගේ ආරක්ෂාව හේතුවෙන් පාසල වසා දැමීමට කටයුතු යොදා ඇත.
බඹරු ඇනීමට ලක්ව 5 වසර සිසුන් තිදෙනෙකු මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බව දිවුලන්කඩවල පාසලේ විදුහල්පති පවසයි.
විද්‍යාලය ඉදිරිපිට ඇති ජලය බෙදාහරින ස්ථානයක ජල ටැංකියේ බැද ඇති බඹර වදයක් ඇවිස්සීමෙන් සිසුන්ට බඹරු ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි.
බඹර වදය ඉවත්කිරීමට බලධාරීන්ට වහාම පියවර ගන්නැයි දෙමාපියෝ ඉල්ලා සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd