IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


නවීන බස් රථ 68ක් චීනයෙන් ආනයනය කරයි

(මනෝජ් හර්ෂික)
 වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 68ක් චීනයන් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු කර ඇත.
 
එහි පළමු පියවර යටතේ චීනයේ ෂියාමෙන් කින්ලොංග් යුනයිටඩ් ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි  සමාගමෙන් ඇණවුම් කළ කින්ග් ලෝන්ග් (Kinglong) සුඛෝපභෝගී නවීන බස්රථ නවය එම සමාගම විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම නිමවා තිබේ.
 
එම බස්රථ ලබන සතිය වන චීනයේ සිට මෙරටට නැව්ගත කිරීමටද නියමිතව ඇති අතර එක් බස්රථයක වටිනාකම රුපියල් මිලියන 17.1කි.
 
මීට පෙර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන් වූ ලොරි චැසි යොදාගෙන සකස් කළ බස් රථ වන අතර පොදු ප්‍රවාහන සේවාවක් ලෙස ශ්‍රී ලංගම ඉදිරියට ගෙන යාමට නම් එම ලොරි  චැසි බස්රථ වෙනුවට සුඛෝපභෝගී වායුසමීකරණය කළ නවීන බස්රථ අත්‍යවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශයේ සඳහන් කරයි.
 
පළමු අදියර යටතේ ගෙන්වන කින්ග් ලෝන්ග් බස් රථ නවය ඩිපෝ හයකට බෙදා දීමට නියමිත අතර මහරගම, මධ්‍යම බස් නැවතුම් කාර්යාල, සහ කටුබැද්ද සුඛෝපභෝගී බස්රථ ඩිපෝවට දෙක බැගින් සහ  පොලොන්නරුව, මාවනැල්ල සහ මාතලේ ඩිපෝවලට එකක් බැගිනි බස් රථ බෙදා දීමට නියමිත ය.
 
චීනයෙන් ආනයන කරන කිංග්ලෝන්ග් බස්රථවල මාදිලිය වන්නේ XMQ 6127 CY වන අතර එහි ආසන සංඛ්‍යාව 51කි. එම බස්රථ නිපදවන Xiamen Kinglong United Automotive Industry සමාගම දැනට අප්‍රිකා, යුරෝපය සහ බටහිර රටවල් ඇතුළු රටවල් 150 අධික ප්‍රමාණයක් සදහා වාර්ෂිකව වැඩිම බස් රථ අපනයන කරන එකම චීන සමාගම ද වේ.
 



අදහස් (0)

නවීන බස් රථ 68ක් චීනයෙන් ආනයනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32299 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14801 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 85 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 366 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site