(ඩී.කේ.රත්න)
හල්දුම්මුල්ල සොරගුණේ ගෝනකැටියආර ප‍්‍රදේශයේ ඇළක තිබී ජීව අත්බෝම්බයක් අද (04) සොයා ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
මෙම අත්බෝම්බය යුද හමුදාව භාවිත කරන එස්.එස්.ජී. වර්ගයේ ජීව අත්බෝම්බයක් බව පොලිසිය කියයි.
ප‍්‍රදේශවාසීයකු හදිසි දුරකථන අංකයට දුන් තොරතුරක් අනුව මෙම අත්බෝම්බය සොයා ගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකු විසින් යම් කිසි අපරාධයක් කිරීම සඳහා මෙම ජීව අත්බෝම්බය රැගෙනවිත් මේ දිනවල රටේ පවතින තත්වය මත ඇළට විසිකරන්නට ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය සැක කරයි.
මෙම අත්බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීම සඳහා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම්දී තිබේ.
හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd