(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ඉමදූව හව්පේ ප්‍රදේශයේදී ඩෝසරයකට යටවීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ඉමදූව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ හව්පේ, ඉමදූව පදිංචි 85 හැවිරිදි තෙදරු පියෙකි.
ඔහු සිය නිවස අසළ පිහිටි ළිඳකින් වතුර රැගෙන ඒමට ගොස් තිබියදී ධාවනය වෙමින් තිබූ ඩෝසරයට යටවී එම ස්ථානයේදීම මියගිය බවත්, ඩෝසරයේ රියැදුරුට අමතරව සහායකයෙකු හෝ එම අවස්ථාවේ නොසිට ඇති බවත් මූලික පරීක්ෂණයේදි අනාවරණය වූ බව පොලිසිය කියයි.
මරණය සම්බන්ධයෙන් ඩෝසරයේ ක‍්‍රියාකරු වන 36 හැවිරිදි අයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය අයගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදුකිරීමට නියමිතය.
ඉමදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd