IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බලපත් නොමැති ගව ඝාතකාගාරයක් වටලා 9 ක් අත්අඩංගුවට

 (කාංචන කුමාර ආරියදාස)
 
බලපත්‍රයක් නොමැතිව මී ගවයන්, කිරිදෙනුන් ඝාතනය කරමින් සිටි පුද්ගලයන් 9 දෙනකු ගල්කිරියාගම පුබ්බෝගම බණ්ඩාරපොතාන ප්‍රදේශයේ මස් මඩුවක දී අත්අඩංගුවට  ගෙන තිබේ.
 

ඝාතනය කළ ගවයන් 16 දෙනකුගේ මස්, ඝාතනය කිරීමට සූදානම් කර තිබූ කිරිදෙනුන් දෙදෙනෙකු සහ එළ ගවයෙකු ද  එහිදී පොලිසිය සොයාගෙන ඇත.
 
අනුරාධපුර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ  මහතා වෙත පෞද්ගලික ඔත්තුකරුවකුගෙන්  ලැබුණු තොරතුරක් මත අනුරාධපුර දිසා දූෂණ මර්දන ඒකකයේ කණ්ඩායමක් ගල්කිරියාගම බණ්ඩාරපොතාන  ප්‍රදේශයේ පිහිටි ගවමඩුවක් වැටලීම සිදුකර තිබේ.
 
පොලිසිය එම ස්ථානයට යනවිටත්  ඝාතනය කිරීමට තහනම් කිරිදෙනුන් මී ගවයන් 16 දෙනෙකු එම ස්ථානයේ ඝාතන කර තිබුණු අතර තවත් කිරිදෙනුන් දෙදෙනෙකු සහ ගොන් වස්සෙකු  ඝාතනය කිරීමට මස් මඩුවේ බැඳ  තිබිණි.
 
පොලිසිය මෙම මස් මඩුවේ සිටි පිරිසගෙන් සතුන් මැරීම සඳහා බලපත්‍ර තිබේදැයි විමසීමේදී ඔවුන් සතුව කිසිවක් නොතිබුණු බව පොලීසිය කියයි. මෙම මස්  ඝාතකාගාරය කැකිරාව ප්‍රාදේශීය සභාවේ අනුමත ස්ථානයක් බව පොලීසිය කියයි.
 
පොලිසිය වැටලීමට යන අවස්ථාවේදී ස්ථානයේ සිට පැන ගිය පුද්ගලයකු ලුහුබැඳ පොලීසිය අත්අඩංගුවට ගැනිණි. එම ස්ථානයේ ජාවාරම සිදුකළ ව්‍යාපාරිකයාද ස්ථානයෙන් පලා ගොස් තිබුණු බව පොලීසිය කියයි.



අදහස් (1)

බලපත් නොමැති ගව ඝාතකාගාරයක් වටලා 9 ක් අත්අඩංගුවට

lankasri Tuesday, 04 June 2019 06:38 AM

බලපත් ඇති නැති වෙනස කුමක්ද? ඝාතනය ඝාතනයක්මයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32299 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14801 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 85 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 366 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site