( පැතුම් දර්ශන)
සහරාන් හසීම් නමැත්තා සමඟ සහ තවුහීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව යන ප්‍රදේශවල තව්හීත් ජමාත් පල්ලි ඉදිකිරීම සඳහා මුදල් ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයෙකු ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද(04) නියෝග කළේය.
ඉකුත් (01)වැනිදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු ත්‍රස්තවාදී වැලැක්වීමේ විධිවිධාන පනත යටතේ පොලිසියට ලැබී ඇති බලතල අනුව පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අද (04) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කවුඩාන පාර දෙහිවල පදිංචි මොහොමඩ් සහීම් නසුර්දීන් නැමැති සැකකරුවෙකු ය.
සහරාන් හසීම් සහ තව්හීත් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට මීට පෙර හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසුව ලද තොරතුරු අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් දෙහිවල ප්‍රදේශයේ දී ඉකුත් පළමුවන දා සැකකරු අත්අඩංගුවට ගත්හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තවුහීත් ජමාත් සමඟ සබඳතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයා රිමාන්ඩ්