IMG-LOGO

වරෙන්තු 21ක් නියම වූ අයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මහමග ගමන්ගන්නා කාන්තාවන්ට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා රන්මාල කොල්ලකෑමේ යෙදී සිටි, අධිකරණයෙන් වරෙන්තු 21ක් නියම වූ පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 80,000ක් වටිනා රන්මාල දෙකක්, හෙරොයින් ග්‍රෑම් 28ක්, සොරාගත් යතුරුපැදියක් සහ උල්පිහියක් සැකකරුවන් සතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
 
දිගයම ක්‍රීඩාංගණය අසළ අතුරු මාර්ගයක සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී හෙරොයින් මත්කුඩු සොයාගෙන ඇත.
 
මත්කුඩු මිලදීගැනීම සඳහා මුදල් සෙවීම වෙනුවෙන් ඔවුන් රන්මාල කොල්ලකෑමේ ජාවාරමක යෙදුණු බව ප්‍රශ්නකිරීමේදී අනාවරණය වී ඇත.
 
ප්‍රධාන සැකකරු රන්මාල කොල්ලකෑමේ සිද්ධි 32කට දායක වී ඇති බවද, බලපිටිය, ගල්කිස්ස, කැස්බෑව, හෝමාගම, පානදුර සහ හොරණ යන අධිකරණවලින් අවස්ථා 21දී වරෙන්තු නියම කර ඇති බව අනාවරණය වී ඇත.
 
ඔවුන් සතුව තිබූ යතුරුපැදිය මීට මාසයකට පමණ පෙර මීගොඩ ප්‍රදේශයෙන් සොරාගෙන ඇති බව පොලිසිය කියයි.
 
සැකකරුවන් කැස්බෑව අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

වරෙන්තු 21ක් නියම වූ අයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 853 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 528 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site