( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන 13 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (3) සිසිර ද ආබෲ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලිනි.
එහිදී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන ඇතැම් පුද්ගලයින්ට නොතීසි ලැබී නොමැති බව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර එලෙස නොතීසි ලැබී නොමැති අයට යළි නොතීසි දන්වා යවන්නැයි ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.
ඒ අනුව පෙත්සම සළකා බැලීම ලබන 13 වැනිදා සිදුකෙරෙන බව අධිකරණය නියම කළේය.
මධුමාධව අරවින්ද මහතා සඳහන් කර සිටින්නේ ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කළහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අයුක්ති සහගත ලෙස තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.
එම සිද්ධියට අදාළව මේවන විට පොලිසිය තමන් විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ලබාගෙන ඇති බවත් තමන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර වාර්තාවක් අධිකරණය වෙතින් කැඳවා ඇති බවත් මධුමාධව අරවින්ද මහතා පවසයි.
පොලිසිය ඉතා අසාධාරණ ලෙස තමන්වත් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එය වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධුමාධවගේ පෙත්සම 13 දා කැඳවයි