( හිරාන් ප්‍රියංකර )
දියර කිරි ප්‍රවාහනය කරන අතර තුර රහසිගත ලෙස කැබ් රථයක මුවමස් රැගෙන යමින් සිටි සැකකරුවකු අද (4) නවගත්තේගම අඩවි වන ජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි.
සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදි මුවන් දඩයම් කර මස් ලබා දෙන දඩයම්කරුද නවගත්තේගම මොරගහවැව ප්‍රදේශයේදි බඳින කඳන් හා අනෙක් දෑ සමඟ අත්අඩංගුවට ගත් බව වන ජීවි නිලධාරීහු පවසති.
මුව මස් රැගෙන ගිය කළ සැකකරු දියර කිරි රැගෙන එන අතරතුර මුවමස් ජාවාරමද සිදුකර ඇති බව කියයි.
අදාළ ජාවාරම කලක සිට සිදුකර ඇති බවට වන ජීවි නිලධාරින් සැකකරන අතර ලැබුණ තොරතුරක් මත එම නිලධාරින් කැබ් රථය පසු පස හඹා ගොස් දැඩි පරිශ්‍රමයකින් පසුව කැබ් රථය හා සැකකරුද මුව මස් කිලෝ 25 කට ආසන්න ප්‍රමාණයද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.
අත් අඩංගුවට ගත් දඩයක්කරු බදින තුවක්කුව සකසා තිබුණේ මීයන් ඇල්ලිමට යොදා ගන්නා උගුලක් උපයෝගි කර ගනිමින් බව වන ජීවි නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දියර කිරි ගෙන යන මුවාවෙන් මුව මස් ජාවාරමක්