(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන අවස්ථාවේ හෙරොයින් මත්කුඩු ගුලියක් ගිලදැමීමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාරිය ගිලදැමීමට උත්සාහ කළ මත්කුඩු ගුලිය රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු, ග්‍රෑම් පහක් පමණ ප්‍රමාණයක් බව පොලිසිය කියයි.
මොල්ලිගොඩ පදිංචි කාන්තාවක සූක්ෂ්ම ආකාරයෙන් මත්කුඩු ජාවාරමේ නිරත බවට වාද්දුව පොලිසිය ලද තොරතුරකට අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් නිවසට ඇතුළුවනවිට අල්මාරිය අසළට ගිය සැකකාරිය යමක් ගෙන කටට දමාගත් බවත්, පසුව නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය පිටතට ගෙන පරීක්ෂා කිරීමේදී මත්කුඩු බව හඳුනාගත් බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී පානදුර පදිංචි පුද්ගලයකු හරහා ලබාගන්නා මත්කුඩු, ඇය විසින් අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය 42 හැවිරිදි තැනැත්තියකි.
සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd