(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල පල්ලෙවෙල ප‍්‍රදේශයේ වැවක් අසළ ගල්තලාවක ගල්වෙඩි දමා නිදන් හාරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල පනංගල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා හාලිඇල ඇල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් තිදෙනා බණ්ඩාරවෙල පනංගල වැවේ පිටවානෙන් ජලය ගලාගෙන යන ගල්තලාවක් සහිත ප‍්‍රදේශයේ ගල්වෙඩි දමා නිදන් හාරමින් සිට ඇත.
නිදන් හෑරීමට උපයෝගී කර ගනු ලැබූ උපකරණ ද පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd