(උපාලි ආනන්ද)
අනුරාධපුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සම්බන්ධයෙන් සිදු කරන විනය පරීක්ෂණය වාහාම ක‍්‍රියාත්මක වන පරිදි අත් හිටුවන ලෙස උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම් පී.බංඩාර මහතාට අද (04) නියෝග කළේය.
මේ මස 27 වන දින මහාධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසටද උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයා ඇතුලු වගඋත්තරකරුවන්ට මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.
උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා මෙසේ නියෝග කළේ තමා සම්බන්ධයෙන් අරම්භ කර ඇති නීති විරෝධී විනය පරීක්ෂණය අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කුමුදුනී ආරියවංශ මහත්මිය ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමිනි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් ඩබ්.ඒ විමලසිරි, පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම් පී බංඩාංර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි අනුරුද්ධ ජයලත් යන මහත්වරුන් ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා පැවසුවේ පෙත්සම්කාරිය තඹුත්තේගම කලාප අධ්‍යපන අධ්‍යක්ෂවරිය ලෙස රාජකාරි කළ වකවානුවේ විදුහල්පතිවරයෙකු අවිධිමත් ආකාරයට විශ‍්‍රාම ගැන්වූ බවට චෝදනා කරමින් ඇයගෙන් නිදහසට කරුනු විමසා පසුව ඇය අනිවාර්ය නිවාඩු යැවූ බවයි.
පසුව අනිවාර්ය නිවාඩු යැවීම අවංලගු කර ඇති උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයා පෙත්සම්කාරිය යලි සේවයේ පිහිටුවා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර දැනට කිසිදු රාජකාරියක් නොමැතිව ඇය එම කාර්යාලයේ සේවයට වාර්තා කරන බවත්ය.
එසේ සිටියදි පළාත් ප‍්‍රධාන ලේකම්වරයාගේ නියෝග මත පෙත්සම්කාරිය සම්බන්ධයෙන් ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම්වරිය මගින් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අධිකරණයට කියා සිටි නීතිඥවරයා එම විනය පරීක්ෂණය සම්පූර්ණයනේම නීතියට පටහැනි බවද පැවැසීය.
උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්වරයාගේ නියෝග මත ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම්වරිය විසින් පෙත්සම්කාරිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණය අත් හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටි නීතිඥ විජයරත්න මහතා වගඋත්තකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරන්නැයිද තවදුරටත් කියා සිටියේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අ’පුර හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ගැන සිදුවන විනය පරීක්ෂණය අත්හිටුවන්න නියෝග