(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර ප‍්‍රදේශයේ පාසල් දැරියක් දුෂණය කළැයි සැකපිට එම දැරියගේ බාප්පා යයි කියන පුද්ගලයකු හා තවත් තරුණයකු වේවැල්වත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අද (31) රත්නපුර පොලිසිය වෙත බාර දී තිබේ.
මෙසේ අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයන් දෙදෙනා රත්නපුර පොලිස් සිරමැදිරියේ පසුවන අතර, වේවැල්වත්ත පොලිසිය මගින් මෙම සිදුවීමට අදාළ දැරිය මේවනවිට රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඇත.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයන්ය. වේවැල්වත්ත ප‍්‍රදේශයේදී යතුරුපැදියක සිටියදී අපහරණයට ලක්වූ 14 වියැති මුස්ලිම් ජාතික ළා බාල තරුණිය රත්නපුර නගරයේ ප‍්‍රසිද්ධ පාසලක ශිෂ්‍යාවකි.
වේවැල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් වේවැල්වත්ත ප‍්‍රදේශයේ කිසියම් ස්ථානයකදී යතුරුපැදිය සිටියදී ළාබාළ තරුණියක් අපහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයා ගොඩිගමුව ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි. එම ළාබාල තරුණිය ස්ත‍්‍රී දුෂණය ලක්කිරීම සම්බන්ධව සැකපිට දැරියගේ බාප්පා යැයි කියන රත්නපුර තානායම පාර පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම දැරිය විසින් මෙම සිදුවීම පිළිබඳව වේවැල්වත්ත පොලිසියට ලබාදුන් වාචික ප‍්‍රකාශය දී පවසා ඇත්තේ මීට වසර දෙකකට පෙර වයස 12 දී තමා පදිංචි නිවසේ දී තමාව බාප්පා විසින් ස්ත‍්‍රී දුෂණයට ලක්කිරීමක් සිදුකළ බවයි. ඒ අනුව රත්නපුර තානායම පාර පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දැරියට අතවර කළ බාප්පා ඇතුළු තරුණයෙක් අත්අඩංගුවට