(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න කේරල ගංජා තොගයක් සමග යුද හමුදා සෙබළකු කටුබැද්ද මාර්ග බාධකයේදී අද(06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් 720ක් සොයාගෙන ඇත.
මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක, මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී සැකකරු පාර්සලයක් රැගෙන කලබලයෙන් බස් රථයෙන් බැසීමට තැත් කර ඇති බවත්, එහිදී පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ඔහුව පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය හමු වී ඇති බවත් පොලිසිය කියයි.
කලුතර - කටුකුරුන්ද ප්‍රදේශයේ පුද්ගලයකු මෙම ගංජා පාර්සලය වත්තල දක්වා ප්‍රවාහනය කරන්නැයි රුපියල් 10,000ක මුදලක් ලබාදෙන බව පැවසූ බවත්, ඒ අනුව මත්කුඩු රැගෙන ගිය බවත්, ප්‍රශ්න කිරීමේදී සැකකරු පැවසූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු 44 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සහ ගංජා තොගය ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ තුනක ගංජා සමඟ හමුදා සෙබළෙකු අත්අඩංගුවට
Sugath Thursday, 06 June 2019 09:33 AM
මේවගේ දේවල් කරපු කෙනෙක්ව රණවිරුවෙක් කියලා දඬුවම් දෙන්න එපාද ? මේවා දේශපාලන පලිගැනීම්ද ? අනේ හපොයි අපේ දේශපාලන නායකයෝ.