IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


නැන්දම්මා ඝාතනය කළැයි බෑනාට මරණ දඬුවම

( රොහාන් කුමාර දිසානායක)
පොරෝ මිටෙන් නැන්දම්මාට පහරදී ඝාතනය කර නෑනාට තුවාල  කළේ යැයි වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට  මරණ දඩුවම ලබා දෙන ලෙසට කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා අද ( 06) දින නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ මත්තමගොඩ කොටියාකුඹුර පදිංචි සෙයියදු නජුමුදීන් මව්ලානා (62) නමැති ව්‍යාපාරිකයෙකුටය.

හම්බන්තොට තංගල්ලේ සිට මත්තගොඩට පැමිණ, ඝාතනය වූ ෂයිම් උම්මා නසීම් (58) යන අයගේ දියණිය සමග විවාහ වී මිටර් සියයක් පමණ  දුරින් නිවසක් තනාගෙන බිරිඳ හා දරුවන් සමඟ ජීවත්ව ඇත.

එසේ සිටියදී නිතර නැන්දම්මා සහ බිරිදගේ සහෝදර සහෝදරියන් සමඟ අඬදබර වී ඇති බවත් 2013 අප්‍රේල් 22, හෝ ඊට ආසන්න දිනකදී රාත්‍රී ඇති වූ ආරවුලකදී විත්තිකරු පොරවක් රැගෙනවිත් නිවස ඉදිරියේ නවතා තිබූ වෑන් රථවලට පහරදෙමින් සිටියේ දි පොරෝතලය ගැලවී වැන් රථයක් තුළට වැටී ඇත.

ඒ සමගම එහි පැමිණි නැන්දම්මාට හිසට පහරදී එහි සිටි බිරිදගේ නැගණියටද පහරදීම නිසා තුවාල ලැබූ දෙදෙනා කරවනැල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර නැන්දම්මා මියගොස් ඇති බව අධිකරණයේ දී කියවිණි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය හා මරණ පරික්ෂණය අවිස්සාවේල්ල රෝහලේ දී පැවැතිණි.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලගු නොවන විභාගයෙන් පසුව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණි.



අදහස් (0)

නැන්දම්මා ඝාතනය කළැයි බෑනාට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32299 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14801 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 85 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 366 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1290 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site