( රොමේෂ් මධුෂංඛ)
යාපනයේ අද (06) සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව යාපනය පොලීසිය පවසයි.
උදෑසන පාසල් වෙතට යමින් සිටි සිසුන් පිරිසක් අනතුරට ලක්ව ඇත.
ත්‍රිරෝද රථයක් අධික වේගයකින් පැමිණ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකුද යට කරමින් ,සිසුන් දෙදෙනෙකු සිය පියා සමඟ ගමන්ගත් යතුරුපැදියක ද ගැටී කාණුවකට පෙරළී ඇත.
එහිදී යතුරුපැදියේ ගමන් කළ සිසුන් දෙදෙනා, ඔවුන්ගේ පියා සහ මාර්ගයේ ගමන් කරමින් සිටි සිසුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් යාපනය මහරෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ.
අනතුරින් පසු ත්‍රි රෝද රථයේ රියදුරුට අසල්වාසීන් පහරදීමට උත්සහ දරා ඇත.
යාපනය පොලිස් නිලධාරීහු ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යාපනයේ රිය අනතුරකින් 5ක් රෝහලේ