(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රන්මාල කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(06) අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මඩපාත පදිංචි 19 සහ 21 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
එම සැකකරුවන් හෝමාගම, පිළියන්දල, පානදුර යන ප්‍රදේශවලින් රන්මාල කොල්ල කා ඇති බවත්, කොල්ල කෑ රන්මාල තුනක් බොරලැස්ගමුවේ උකස් මධ්‍යස්ථාන දෙකක තිබී සොයාගත් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකුට අයත් යතුරුපැදියක් මීට දින කිහිපයකට පෙර අනතුරකට ලක්ව ඇති අතර එය අලුත්වැඩියා කිරීමට ගරාජයකින් විශාල මුදලක් ඉල්ලූ නිසා මුදල් ලබාගැනීමේ අරමුණින් මොවුන් මොරොන්තුඩුව ප්‍රදේශයේදී රන් මාලයක් කොල්ල කා ඇති බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
හෝමාගම ප්‍රදේශයෙන් රන්මාලයක් කොල්ල කෑ පුද්ගලයකු පිළියන්දල සැරිසරන බවට හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන්මාල කොල්ල කෑ දෙදෙනෙකු අල්ලයි