IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්ධන පිරවුම්හලක සේවකයන්ට පහරදී මුදල් කොල්ලකාලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මොරගහහේන ඉන්ධන පිරවුම්හලකට අද(05) කඩා වැදී එහි කළමනාකරු ඇතුළු සේවකයින් පස්දෙනෙකුට පොලුවලින් පහරදී තුවාල සිදුකළ පිරිසකගෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව  මොරගහහේන පොලිසිය කියයි.

බෝතලයකට ඉන්ධන ලබා නොදුන් හෙයින් මෙසේ පහරදී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

පහරදීමෙන්  තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු සහ සේවකයින් රෝහල් ගත් කර ඇත.

පහරදීමට පැමිණි පිරිස ඉන්ධන පොම්පකරුවන් සහ කළමනාකරු සතුව තිබූ රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද කොල්ල කා තිබූ බව  පොලිසිය වැඩිදුරටත් කියයි.

ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිසිය බාරයට ගෙන ඇත.

ඉන්ධනහලේ සවි කර තිබූ සීසීටීවී කැමරාවල මෙම පිරිස පහරදෙන දර්ශන සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

ඉන්ධන පිරවුම්හලක සේවකයන්ට පහරදී මුදල් කොල්ලකාලා

de silva Wednesday, 05 June 2019 10:28 AM

සති කිහිපයකින් අප ලැබෙන බව සහ නඩුව අවරුදු 5-10 අහන බව දන්නා නිසාත් , කැමරා තිබුණත් මිනිස්සු බය නැතිව අපරාධ කරන්න පෙළඹෙනවා .

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site