(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන ඉන්ධන පිරවුම්හලකට අද(05) කඩා වැදී එහි කළමනාකරු ඇතුළු සේවකයින් පස්දෙනෙකුට පොලුවලින් පහරදී තුවාල සිදුකළ පිරිසකගෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.
බෝතලයකට ඉන්ධන ලබා නොදුන් හෙයින් මෙසේ පහරදී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු සහ සේවකයින් රෝහල් ගත් කර ඇත.
පහරදීමට පැමිණි පිරිස ඉන්ධන පොම්පකරුවන් සහ කළමනාකරු සතුව තිබූ රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද කොල්ල කා තිබූ බව පොලිසිය වැඩිදුරටත් කියයි.
ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලිසිය බාරයට ගෙන ඇත.
ඉන්ධනහලේ සවි කර තිබූ සීසීටීවී කැමරාවල මෙම පිරිස පහරදෙන දර්ශන සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති කිහිපයකින් අප ලැබෙන බව සහ නඩුව අවරුදු 5-10 අහන බව දන්නා නිසාත් , කැමරා තිබුණත් මිනිස්සු බය නැතිව අපරාධ කරන්න පෙළඹෙනවා .