(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර පුද බිම දෙකඩ කිරීමේ උත්සහයක් ඇති බවටත්, ඒ සඳහා විවිධ පාර්ශවයන්ගෙන් සිදුකෙරෙන බලපෑම් වහාම නවත්වන ලෙසටත් ඉල්ලමින් අද (5) විහාරය ඉදිරිපිට දී ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
වැලිඔය ඇතුළු ප්‍රදේශ කිහිපයක බෞද්ධ බැතිමතුන් පිරිසක් මෙම උද්ඝෝෂණය පැවත්වූ අතර එයට ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සහභාගී වූහ.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරය ඇතුළු පුදබිම පුරාවිද්‍යා බිමක් හා පුරාණ විහාර ප්‍රදේශයක් වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුලතිව් අධිකරණයේ දී කරුණු ඇතිව පෙන්වා දී ඇති බවද, එසේ වුවත් ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමිය දෙකඩ කිරීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරත වන බවත්, එය වහාම නතර කරන ලෙසත් ඉල්ලා මොවුහු උද්ඝෝෂණයේ නිරතවූහ.
පසුගිය දින කිහිපය පුරාම ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි පැවසූ පිරිසක් පැමිණ ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පුද බිමෙහි එක් කොටසක් පන්සල සහ අනෙක් කොටස කෝවිල වශයෙන් වෙන් කරන ලෙස දැනුම් දුන් බවත් ඊට අමතරව විවිධ දේශපාලන පාර්ශව මෙම භූමිය වෙන් කිරීමට දැඩි උත්සහයක නිරත වන බවත් ඔවුහු පැවසූහ.


2025 දෙසැම්බර් මස 04
710
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරුකන්ද විහාරය රැක දෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්