(එස්. ඩි. කොඩිකාර)
දෙනියාය, බෙවර්ලිය ප්‍රදේශයේ පාසල් මාවතේ ගරාජයක නවතා තිබූ ත්‍රිරෝද රථයක් අද අලුයම ගිනි තබා එම ගරාජයේ නවතා තිබූ යතුරු පැදියක් ද සොරකම් කරගෙන ගොස් ඒ ආසන්නයේ පිහිටි තේ වත්තක දමා ගොස් තිබියදී අද (14) සොයාගත් බව දෙනියාය පොලිසිය කියයි.
ගරාජය තිබූ නිවසට යාබද නිවසේ කාන්තාවක ත්‍රිරෝද රථය ගිනි ගන්නා අයුරු දැක එහි හිමිකරුට දැනුම් දී ඇත.
පොලිසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට යනවිටත් ත්‍රිරෝද රථය මුළුමණින්ම ගිනිබත් වී ඇතැයි පොලිසිය කියයි.
මෙම රථය (36) හැවිරිදි ,බෙවර්ලිය වත්ත,ඉහළ කොටසේ පදිංචි තංගවේළු සුප්‍රමනියම් නමැත්තෙකුට අයත් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
ගිනි තබන ලද ත්‍රිරෝද රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 06 ක් පමණ වන බව පොලීසිය පවසයි.
ත්‍රිරෝද රථයේ හිමිකරු අසල්වැසියෙකුගේ නිවසෙහි ගරාජයක් සාදා එහි ගාල් කරන බවට රථයේ හිමිකරු පොලීසියට පවසා ඇත.
සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
දෙනියාය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගරාජයක තිබූ ත්‍රිරෝද රථයකට ගිනි තබා - යතුරුපැදියකුත් සොරාගෙන