(ඩී.ජී.සුගතපාල)
නීති විරෝධීව නොසැලකිලිමත් ලෙස විදුලි රැහැන් ඇද පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තේ ඉඩම් හිමියෙකු 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ පත්තුව ආරච්චි අමිල උදයංග නමැති ඉමදුව කෝඹල ප්‍රදේශයේ තේ ඉඩම් හිමියෙකි.
විදුලි සැර වැදිමෙන් මියගොස් ඇත්තේ නාගොඩ තලගස්වල වත්තේ පදිංචිකරුවෙකු වන බාල ක්‍රිෂ්ණන් දිනේශ් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා සහ තවත් තිදෙනෙකු පළමු වරට මෙම වත්තේ වැඩට ඉකුත් 11වනදින උදෑසන පැමිණ උදේ සේවක නිවාසයේ නතරව තේ ගස් කප්පාදු කිරීම සඳහා පිහිය මැදීමට තේ පැල තවාන අසළට ගොස් තිබේ. තවාන සොරුන්ගෙන් සහ ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ විදුලි කම්බියක පැටලි විදුලි සැර වැදීමෙන් මොහු මියගොස් ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අන්තරායකාරී විදුලි රැහැන් ඇදි වතු හිමියෙක් රිමාන්ඩ්