(ක.ග කරුණාරත්න)
ත්‍රස්තවාදයට, අන්තවාදයට විරුද්ධව පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තාවන්ගේ විරෝධතාවය යන මැයෙන් උද්ඝෝෂණයක් හා පාගමනක් අද (15) පොළොන්නරුව නගරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණි.
පොළොන්නරුව නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට දී පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව කාන්තාවෝ පොළොන්නරුව රෝහල හන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ විරෝධතා පාගමනේ යෙදුණහ.
"අසාත් සාලි, හිස්බුල්ලා නීතිය හමුවට කැඳවනු" "වෛද්‍ය වෘත්තියට නිගා කළ ෂාෆිට නීතිය ක්‍රියාත්මක කරනු" "එක රටකට එක නීතියක්' "ගර්භාෂ යුද්ධය නවතනු" යනුවෙන් සඳහන් විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් ඔවුහු පෙළපාළියේ ගමන් ගත්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව්වරුනි, කාන්තාවනි, මේ ප්‍රශ්නය ඔයාලට ගෙදරදීම මීටත් වඩා හුඟාක් හොඳට විසඳගන්න පුළුවන් නේද.. සංවිධානාත්මකව හොඳට ඇස් ඇරලා බලන්න ඔයාලගේ පවුලේ , අසල්වාසීන් පන්සලේ කතාබහ වෙන දේවල්. අන්න එවැනි පුද්ගලයන් සහ ස්ථාන මගහැරීමද මෙයට ලොකු උදව්වක් වෙයි. කාන්තාවන්ට හැම දෙයක්ම හදන්න පුළුවන්.. රටකට අනාගත පරපුර බිහිකරන ඔබ කාන්තාවන්ට අලුත් රටක්, පිරිසිදු සමාජයක් බිහිකිරීමේ වරමද හිමි බව අමතක නොකරන්න !