(එච්. චන්දන)
නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 106 වැනි සංවත්සරය වෙනුවෙන් විල්පත්තු අභය භූමියේ රෝපණය කිරීම සදහා පැළ 4000 ක් යුද හමුදාවට භාර දීම හා පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුළම සිංහල විද්‍යාලයට ඉගෙනුම් උපකරණ පරිත්‍යාග කිරීම සිදුකෙරෙණි.
නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ පිරිස එළුවන්කුළම සිංහල විද්‍යාලයට ඊයේ (14) පැමිණ එම දරුවන් සඳහා අවශ්‍ය මූලික ඉගෙනුම් උපකරණ හා එම විද්‍යාලයේ දරුවන් සියළු දෙනාටම අවශ්‍ය පැසැල් උපකරණ ලබා දෙන ලදී.
අනතුරුව විල්පත්තු ජාතික අභය භුමියේ යුද හමුදාව ක්‍රියාත්මක කරන ‘තුරුලිය වෙනුවෙන් අපි‘ වැඩසටහන සඳහා විවිධ පැළ වර්ග 4000ක් , සිමෙන්ති කොට්ට 100ක්, අඟලේ වතුර බට 600ක්, මන්නාරම මතෝට්ටම් 542 වන බලසේනා මූලස්ථානයේ සේනාධිපති කර්නල් රවී හේරත් මහතා වෙත නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ විදුහල්පති අනිල් පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිස විසින් පරිත්‍යාග කරන ලදී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිල් පුෂ්පකුමාර ගරු විදුහල්පති තුමා,උණුසුම් සුබපැතුම්!
මෙන්න නියම පින්කම් මෙවැනි ප්‍රදේශ වලට තමා උපකාර කල යුත්තේ ඉතාමත් ආදර්ශමත් අනිත් අයද මෙය ආදර්ශයට ගෙන ක්‍රියා කලොත් අනාගතය සුබ වේවි..... එසේම දුෂ්කර පළාත් වල ඇති වෙහෙර විහාරස්ථාන වලටත් අප උපකාර කල යුතුය ඔබගේ අධ්‍යාපන කටයුතු සහ අනාගතය සාර්ථක වේවා