IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යමින් සිටි පිරිසගෙන් අයෙකුට ඇප

(ඩී.ජී.සුගතපාල)
 
බහුදින යාත්‍රාවකින් නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යමින් සිටියදී  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 29දෙනාගෙන් 27දෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටත් දෙදෙනකු තවදුරටත් ජූනි 4 දක්වා බන්ධනාගාර ගතකිරීමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20)නියෝග කළේය.
 
මෙසේ තවදුරටත් බන්ධනාගාර ගතකරනු ලැබුවේ යාත්‍රාවේ හිමිකරු වන කුරුකුලසූරිය එමානුවෙල් අමිල යසින් ප්‍රනාන්දු සහ ෂෙල්ටන් අජිත් ගිහාන් කෘස් යන දෙදෙනා වෙති.
 
හලාවත, කුරුණෑගල, යාපනය, වව්නියාව සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් 41දෙනෙකු මැයි  5 හලාවත මුහුදු වෙරළින් බහුදින යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ඇත.
 
එසේයමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව අනතුරට ලක්ව තිබියදී  වෙනත් නෞකාවක් මගින් ඒ බව නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මැයි 21  නාවික හමුදා මූලස්ථානය මගින් මුහුදේ මුර සංචාරක කටයුතු සඳහා ගොස් සිටි නන්දිමිත්‍ර නෞකාවට පණිවුඩයක් ලබාදී තිබේ.
 
නන්දිමිත්‍ර නෞකාව එම ස්ථානයට ගොස් අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි පිරිස බේරගෙන නැවට නංවාගෙන ඇත. දින කිහිපයකින් ආහාර පාන නොලැබුණු එම පිරිසට නාවික හමුදා නිලධාරීන් ප්‍රථමාධාර සහ ආහාරපාන ලබාදී මැයි 25දින ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත ගෙනැවිත් වැඩිදුර පරීක්ෂණ සඳහා වරාය පොලිසියට බාරදී ඇත.
 
වරාය පොලිසිය මගින් එම 41දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බාල වයස්කාර ළමයින් අටදෙනා නඩුවෙන් මුදාහැරීමටත් කාන්තාවන් හතරදෙනා එක්අයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටත් නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා  පිරිමි 29දෙනා බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කළේය. 
 
වරාය පොලිසියේ උප පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.



අදහස් (0)

නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට යමින් සිටි පිරිසගෙන් අයෙකුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site