(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (20) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් සිව් දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ මැද කොටසේ ගසක තිබූ බඹර කුඩුවක් ඇවිස්සී බඹරු තමන්ට පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින වතුකම්කරුවෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd