IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බඳින තුවක්කුවක් පත්තු වී තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර

(සිතුම් චතුරංග)

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා  ඕමන්ත, පාලමොට්ටෙයි වැව ආසන්නයේ අසාධ්‍ යතත්වයෙන් සිටි වල් අලියා වෙත අනුරාධපුර කලාප වනජීවී පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ඇතුළු විශේෂ වනජීවි නිලධාරී කණ්ඩායමක් අද (21)  ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කළහ.

දින දහයක පමණ කාලයක් තුවාලය හේතුවෙන් අලියා පාලමොට්ටෙයි වැවතුළ බැස රැදී සිටියදී ප‍්‍රදේශවාසීන් විසින් වවුනියාව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ප‍්‍රතිකාර ආරම්භ කරනු ලැබීය.

අවුරුදු 35 පමණ වන, උසින් අඩි අටක් පමණ වන මෙම අලියාගේ ඉදිරි පාදයේ බඳින තුවක්කුවක් පත්තු වී හටගත් තුවාලයක්  හේතුවෙන් මෙලෙස දින ගණනක් වේදනාවෙන් සිටි බව වවුනියාව වනජීවි කාර්යාලය පැවසීය.

වනජීවි නිලධාරීන් පැවසූයේ අලියාගේ එක් ඇසක පෙනීම ද අහිමිවී ගොස් ඇති බැවින් අලියාට ආහාර සොයාගැනීමේ අපහසුවක්ද පවතින බවයි.

බඳින තුවක්කුවක් පත්තුවීම හේතුවෙන් ඇවිදීමට බැරි තත්වයකින් සිටි වන අලියා ආහාර ලබාගැනීමට අපහසු වීම  හා තුවාලය හේතුවෙන් දුර්වල තත්වයක ද පසුවිය. 

           



අදහස් (0)

බඳින තුවක්කුවක් පත්තු වී තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site