IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රුපියල් 5000 හොර නොට්ටු 07 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

(කුෂාන් ජයවර්ධන)

     රුපියල් 5000 ව්‍යාජ නොට්ටු 07ක් සමඟ සැකකරුවකු කැකිරාව නගරයේදී අද (21) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පැවැසීය.

ව්‍යාජ මුදල් නොට්ටු සමඟ මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැලණිය පට්ටිය ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.

ව්‍යාජ රුපියල් 5000 මුදල් නොට්ටු 07ක් ලබාදී කැකිරාව නගරයේ පිහිටි රන් අභරණ වෙළඳසැලකින් රන් අභරණ මිලදී ගැනීමට සූදානම් වූ අවස්ථාවේ එම සැකකරු ව්‍යාජ මුදල් නෝට්ටු ද සමඟ එම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෙළදසැලේ හිමිකරු පොලිසියට කළ දැනුම්දීමක් අනුව පොලිසිය ක්ෂණිකව ක‍්‍රියාත්මකවී ඇති අතර කැකිරාව පොලිස් ස්ථානාධීපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබූ රුපියල් 5000 ව්‍යාජ මුදල් නොට්ටු 07ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර අංක කාණ්ඩ දෙකක් යටතේ එම මුදල් නොට්ටු මුද්‍රණය කර ඇති බව පොලිසිය කියයි.

සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම ව්‍යාජ මුදල් නොට්ටු ජාවාරම සම්බන්ධව තවත් තොරතුරු රැසක් පොලිසිය අනාවරණය කර ගෙන ඇති අතර කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව දිසා මහේස්‍ත්‍රාත් අධීකණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



අදහස් (0)

රුපියල් 5000 හොර නොට්ටු 07 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site