(දයාරත්න ඇඹෝගම)
පොසොන් සමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය අළෙවි කළ සහ සන්තකයේ තබාගත් සැකකරුවන් 193 දෙනෙකු අත්අඩංගුවට ගත් බව උතුරු මැද පළාත් සුරා බදු සහකාර කොමසාරිස් උපුල් කුමාර මහතා අද (19) පැවසීය.
රජයේ සුරාසැල් වසා තිබියදී නීති විරෝධී ආකාරයට මත්පැන් විකිණීම සම්බන්ධයෙන් සැකකරුවන් 23න් දෙනකු ,හෙරොයින් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු , ගංජා සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනකු සහ නීති විරෝධී ආකාරයට මත්පැන් සන්තකයේ තබාගත් සැකකරුවන් 21 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගැනීමට සුරා බදු නිලධාරීන් සමත් වී තිබේ.
පොසොන් සමයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදු කල මෙම වැටලීම සඳහා කැබිතිගොල්ලෑව, අනුරාධපුර හා කොළඹ සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් එක්වූ බව උතුරු මැද පළාත් සුරා බදු සහකාර කොමසාරිස්වරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd