(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
හංවැල්ල ඇඹුල්ගම දිගලවත්ත හන්දියේදී අද(20) ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී කාන්තාවක සහ කුඩා දැරියක මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මාතර හක්මන පදිංචිව සිටි හිරුණි අශාමා නමැති සත් හැවිරිදි දැරියක සහ හංවැල්ල දැඩිගමුව පදිංචි නාලික නිල්මිණී නමැති 37 යන කාන්තාවකි.
ඇඹුල්ගම සිට පනාගොඩ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය පනාගොඩ සිට ඇඹුල්ගම දෙසට ධාවනය වූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ අටදෙනෙකු ගමන්ගත් බව පොලිසිය කියයි.
තුවාල ලැබූ පිරිස හෝමාගම සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd