(ඩබ්. ඒ. පියතිලක)
පොළොන්නරුව දිඹුලාගල මිහිදු පෙරහර නැරඹීමට ගොස් නැවත ගමන් කරමින් සිටියදී කොළකනාවාඩිය දී සිදුවූ ට්‍රැක්ටර් වෑන්රථ අනතුරෙන් පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් එක් අයකු අද (20) මිය ගිය බව වැලිකන්ද පොලිසිය කියයි.
පොළොන්නරුව- මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සෙවණපිටිය දී ඊයේ(19) දින අලුයම අත්ට්‍රැක්ටරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පස්දෙනෙකු මිය ගිය ගොස් 12 දෙනෙකු තුවාල ලැබීය.
එම තුවාලකරුවන්ගේන් එක් අයෙකු පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.
ෙමියගොස් ඇත්තේ බෝඅත්ත ගම්මානයේ පදිංචි එන්. වී. වසන්ත නැමැති (45) හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd