(රංජිත් රාජපක්ෂ)
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන අද (19) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ජූලි 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සැකකරුවන් තිදෙනා හැටන් ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කිරීමේ නිරතව සිටින බවට ලද තොරතුක් මත හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු ඊයේ(18) අත්අඩංගුවට ගත්හ.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රැම් 1660 ක් තිබූ පොලිසිය පැවසීය.
එමෙන්ම, හෙරොයින් අලෙවි කළ ප්‍රධානපෙළේ ජාවාරම්කරුවන් දෙදෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, ඔවුන්ව ජුනි 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd