( ඩී.කේ.රත්න )
ඇල්ල උඩුකුඹල්වෙල, රජකොටුව කඳු රක්ෂිතයේ අද (19) දහවල් ඇතිවූ ගින්නකින් එම කඳු රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.
ගින්නෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාක සහ සත්ව විශේෂ රැසක් විනාශ වන්නට ඇතැයි පරිසරවේදීහු කියති.
කිසියම් පුද්ගලයෙකු හෝ කිසියම් කණ්ඩායමක් විසින් විනෝදයට හෝ සතුන් දඩයම් කිරීමට මෙම කඳු රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය පවසයි.
ඇල්ල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd