(අශෝක තිලකරත්න)
වෙනත් අයෙකුගෙන් සොරාගත් ජාතික හැඳුනුම්පතක් යොදා ගෙන දෙවිනුවර සහ ගන්දර ප්‍රදේශවල බැංකුවලට ව්‍යාජ රන් ආභරණ උකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් තලල්ලේ පදිංචි 25 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඔහු අද (22) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගන්දර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd