IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


පෝද්දල ආදාහනාගාරය ඉදිකිරීමට ගම්වාසීන්ගේ විරෝධය

(සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න) 
 
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව විසින් පෝද්දල රජයේකන්ද නම් ඉඩමේ ආදාහනාගාරයක් ඉදිකිරීමට විරෝධය පළකරමින් ගම්වාසීහු පිරිසක් කලේගාන මංසන්ධියේ සිට සභා භූමිය දක්වා පැමිණ අද(18)විරෝධතාවක නිරතවූහ.

බෝපේ පෝද්දල මාසික සභා රැස්වීම ආරම්භ වීමට පෙර මෙම විරෝධතාවය පැවැත්විණි. 

සභා භූමියට පැමිණි විරෝධතාකරුවන් සහ ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා අතර වචන හුවමාරුවක් ද ඇතිවිය. ආදාහනාගරය ඉදිකළහොත් ඇතිවන සෞඛ්‍ය හා පාරිසරික ගැටලු හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවද, ළිං ජලය අපිරිසිදු වන බවද, කෘෂිකර්මාන්තයට බලපෑම් එල්ල වන බවද ගම්වාසීහු වැඩිදුරටත් පැවසූහ.

ආදාහනාගාරයක දැඩි අවශ්‍යතාවයක් තම ගම්මානයට පවතින නමුත් මෙම භූමියේ ආදාහනාගාරයක් ඉදිකරනවාද යන්න සම්බන්ධව තවම තීරණයක් ගෙන නොමැති බව අබේකෝන් මහතා මෙහිදී විරෝධතාකරුවන්ට පැවසීය.

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.



අදහස් (0)

පෝද්දල ආදාහනාගාරය ඉදිකිරීමට ගම්වාසීන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 739 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site