(කේෂර ගුණතිලක)
හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද(16) මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ මැදගම කින්නරබෝව ගල්ගේමුල්ල පදිංචිව සිටි ටී.ඇම් හීන් මැණිකා නැමති 56 හැවිරිදි කාන්තාවකි.
ඇය නිවස අසළ පිහිටි කොස්වත්ත ඔයේ දිය නාමින් සිටියදී ඔය ඉවුරේ තිබූ ගසක අත්තක් කඩා වැටී හිසට බරපතල තුවාල සිදුව තිබිණි.
පසුව ඇය මොනරාගල මහ රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මැදගම පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd