IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වසරකට පෙර පලාගිය සැකකරුවෙකු ලක්ෂ 3ක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මත්ද්‍රව්‍ය අලෙවිකිරීම සම්බන්ධයෙන් වසරකට පෙර කළ වැටලීමකදී පලා ගිය සැකකරුවකු සහ ඔහුගේ සොහොයුරා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මත්ද්‍රව්‍ය සමඟ කටුබැද්ද ක්‍රීඩාංගණය අසළදී අද(17) අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙන  20 සහ 23 හැවිරිදි වියේ පසුවෙති.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 300ක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4ක්, හෙරොයින් පැකට් 80ක්, මත්පෙති 40ක් සහ ජංගම දුරකථන කිහිපයක් පොලිසිය භාරයට ගෙන ඇත.
 
මත්කුඩු තබාගෙන නිවසක පුද්ගලයකු සිටින බවට වසරකට පෙර පොලිසියට ලද තොරතුරක් අනුව, වැටලීම කළ බවත්, එම අවස්ථාවේදී මෙම සැකකරු පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
 
පලාගිය සැකකරු ඔහුගේ බාල සහෝදරයා සමඟ අද කටුබැද්ද ක්‍රීඩාංගණය අසළ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරු පානදුර හා පිළියන්දල යන ප්‍රදේශවල කුලී නිවාස ලබාගෙන මත්කුඩු අලෙවිකිරීමෙහි නිරතව සිටි බව අනාවරණය වී ඇත.
 
එගොඩඋයන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වසරකට පෙර පලාගිය සැකකරුවෙකු ලක්ෂ 3ක මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site