(අජිත්ලාල් ශාන්තඋදය)
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ කලා විෂයයන් ඉලක්ක කර ඉගැන්වෙන භූගෝල විද්‍යාව, ඉතිහාසය, බෞද්ධ ශිෂ්ඨාචාරය සහ දේශපාලන විද්‍යාව යන විෂයයන් පුරප්පාඩු පවතින සබරගමු පළාත් සභා පාසල් සඳහා එම විෂයයන් ඉගැන්වීමට නවක ගුරුවරු 130 දෙනෙක් හෙට (19) පත්වීම් ලබති.
සබරගමු පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික් දෙකේ එකී විෂයයන් ඉගැන්වෙන උසස් පෙළ කලා අංශ පන්ති පැවැත්වෙන පාසල් ප‍්‍රමාණය 288කි.
රත්නපුර, බළන්ගොඩ, ඇඹිලිපිටිය, නිවිතිගල, කෑගල්ල, මාවනැල්ල සහ දෙහිඕවිට යන අධ්‍යාපන කලාප හතේ පුරප්පාඩු ඇති පාසල් වලට මෙම පත්වීම්ලාභීන් යොමු කරනු ලබයි.
විභාග දෙපාර්තමේන්තුව මගින් 2018 වසරේ පවත්වන ලද විවෘත තරග විභාගයේ ප‍්‍රතිඵල මත මෙම 130 දෙනා තෝරාගනු ලැබූ බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්.වීරසූරිය මහතා පවසයි.
සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා අතින් මෙම පත්වීම් ප‍්‍රදානය අද(19) පස්වරු 01.30ට සබරගමු පළාත් සභා ශ‍්‍රවනාගාරයේ දී සිදු කෙරේ.
ඉහත තරග විභාගය සමත් වූ පිරිසෙන් 450ක් පමණ මීට පෙර සබරගමු පළාත් ගුරු සේවයට බඳවාගත් බව කී පළාත් අධ්‍යාපන ලේකම්වරයා මෙවර පත්වීම් ලබාදනේනේ එහි දෙවැනි පියවර ලෙස යැයි ද කීවේය.
සබරගමු පළාතේ ගුරු සේවයෙන් වාර්ෂිකව 200-300 අතර ප‍්‍රමාණයක් විශ‍්‍රාම ලබයි. සබරගමු පළාතේ මුළු ගුරු සංඛ්‍යාව 21,000 ඉක්මවා ඇති අතර මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 341,000 කි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සබරගමුවේ නවක ගුරුවරු 130 ක් හෙට පත්වීම් ලබති
kapila kumara Tuesday, 25 June 2019 01:05 AM
පළාත් සභාව විසුරවා තිබෙන නිසා වැඩේ හරියටම සිදුකිරිමට ආණ්ඩුකාරතුමාට පුළුවන් වීම ගැන සන්තෝසයි