(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැටලීමකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කර පහරදීමට තැත් කළ පිළියන්දල මඩපාත නිවාඩු නිකේතනයක හිමිකරු සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරක් වටිනා මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
පෝය සහ අනෙකුත් දිනවලද බාධාවකින් තොරව මෙම ස්ථානයෙහි වැඩි මිලට මත්පැන් අලෙවිකරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කළ බව පොලිසිය පවසයි.
එම ස්ථානයේ ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 102ක් සහ කෑන් 104ක් පොලිසිය බාරයට ගෙන ඇත.
මත්පැන් විකිණූ සේවකයා අත්අඩංගුවට ගෙන නිවාඩු නිකේතනය සෝදිසි කිරීමේදී එහි හිමිකරු පොලිස් නිලධාරීන්ට බාධා කරමින් පහරදීමට තැත් කළ බවද ඒ අනුව ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 4ක මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට