IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංවිමෙන් පාරිභෝගිකයන්ට ජංගම දුරකථන ඇප්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජංගම දුරකථන සඳහා භාවිත කරන ඇප් (Mobile App) හඳුන්වාදීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද(17) පැවැත්විණි. 
 
මෙය විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
‘CEB Care’ නමැති මෙම  ජංගම දුරකථන වැඩසටහන මගින් බිල්පත් ගෙවීම්, පසුගිය බිල්පත් විස්තර ලබාගැනීම, හිඟ මුදල් ගෙවීම්, විදුලි බිඳවැටීම්, පැමිණිලි කිරීම් ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පාරිභෝගිකයන්ට හැකිවේ. 
 
මෙම ජංගම දුරකථන වැඩසටහන් නිර්මාණ කණ්ඩායමේ ප්‍රධානී විදුලි ඉංජිනේරු ජගත් සමරවික්‍රම මහතා මෙහිදී නිල වශයෙන් CEB Care  ජංගම දුරකථන ඇප් හඳුන්වාදුන්නේය.
        
අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රඛිත ජයවර්ධන, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කුමුදිනි හේරත් යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.


 



අදහස් (0)

ලංවිමෙන් පාරිභෝගිකයන්ට ජංගම දුරකථන ඇප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site