(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන ඉහළ මිල්ලෑව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මවකට සහ පුතුට ගිනි අවි එල්ල කර මුදල් කොල්ලකෑමට උත්සාහ කළ කණ්ඩායමක සාමාජිකයකු අද(19) පයාගල මැහිමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
එම කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනෙකු සිටි බවද, රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් සොරාගැනීමට ඔවුන් උත්සාහ කළ බවද, සොරාගත් යතුරු පැදියකින් ඔවුන් පැමිණ ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මරණ දඬුවම නියම වී වසර 19ක් සිරගතව සිට ඇපෑලක් මගින් නිදහස් වූ වාද්දුව දෙල්ලූව ආරියගම පදිංචි ලක්ෂ්මන් ජගත් ෆොන්සේකා හෙවත් ජගා නැමැත්තා බව පොලිසිය කියයි.
සැකකරු සමග කොල්ලයට යොදාගත් යතුරුපැදිය, රිවෝල්වර ගිනි අවිය හා මිලිමීටර නවය වර්ගයේ ජීව උණ්ඩ 4ක් පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් 13 වැනි දින රාත්‍රියේදී මහ මග ගමන්ගනිමින් සිටි අයෙකුට ගිනි අවියක් එල්ල කර බිය ගන්වා යතුරුපැදිය පැහැරගෙන තිබූ බව පොලිසිය කියයි.
මව සහ පුතා ගමන්ගත් මෝටර් රථය හරස් කර යතුරුපැදිය නැවැත්වූ එම පිරිසෙන් අයෙකු පුතුට ගිනි අවිය එල්ල කර සිටියදී, අනෙක් පුද්ගලයින් දෙදෙනා කාන්තාවට පහරදෙමින් ඇය සතු මුදල් අඩංගු බෑගය කොල්ලකෑමට උත්සාහ කර තිබූ බව පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුදල් කොල්ලකෑමට තැත් කළ කල්ලියක අයෙක් අත්අඩංගුවට