(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ චන්ද්‍රිකා වැව කොට්ඨාසයේ නිලධාරීන් විසින් කුට්ටිගල තෝරගල පොදු සුසාන භූමියේ අනවසර පදිංචිකරුවන්ට බලපත‍්‍ර ලබාදී ඇතැයි ප්‍රදේශවාසීහු කුට්ටිගල සතිපොළ ප‍්‍රදේශයේදී අද (18) දින විරෝධතාවයක නිරත වූහ.
1958 වසරේ සිට එම ගොවි ගම්මානවල තමන් පදිංචිව සිටින බවත් නමුත් මේ දක්වා මහවැලි අධිකාරිය ඉඩම්වලට බලපත‍්‍ර ලබාදීමට කටයුතු කර නොමැතිබවත් විරෝධතාකරුවෝ පැවසූහ.
1965 වසරේ මැයි 21 දින රජය මැන අක්කර තුනක් ලෙස වෙන් කරන ලද මෙම සුසාන භූමිය 2018 වසරේ මහවැලි අධිකාරිය විසින් පෞද්ගලික මිණුම්කරුවන් ලවා මැන අනවසර පදිංචිකරුවන්ට බලපත‍්‍ර ලබාදීමට කටයුතු කර ඇති බවට ඔවුහු චෝදනා කර සිටියහ.
මෙම ක‍්‍රියාව හේතුවෙන් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිගුර, කුට්ටිගල, මැටිහක්වල යන ග‍්‍රාමසේවා වසම් තුළ පිහිටි තෝරගල, බෝගල්ආරගම, ජයතිමාපියපුර, සූරියගම, තුනේඇළගම ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්වී ඇතැයි විරෝධතාකරුවෝ පැවැසූහ.
තෝරගල ශක්ති ගොවි සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කුට්ටිගල සුසානභූමියේ අනවසර පදිංචිකරුවන්ට බලපත්‍ර දුන්නැයි විරෝධතාවක්