IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


දරුවකු අපයෝජනය කළ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                 
          
අවුරුදු 7ක පිරිමි දරුවෙකු බරපතල අපයෝජනයකට ලක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියකු ජුනි 28 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අද(17)  නියම කළාය.

සැකකරු පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් එදින වාර්තාවක් කැඳවන ලෙසද එහිදී මහේස්ත‍්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ කුලියාපිටිය ගල්පොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ දිනවල ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් ලබාදෙන ආරක්‍ෂක වැඩපිළිවෙළට අනුව කුලියාපිටිය ඇන්නරුව ප‍්‍රදේශයේ විහාරස්ථානයක ආරක්‍ෂාව වෙනුවෙන් සේවයේ යෙදී සිටියදී එම විහාරස්ථානයට පැවිදිවිම සඳහා පැමිණ තිබූ දරුවකු සැකකරු විසින් අපයොජනයට ලක්කර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සිද්ධියට අදාළ වින්ධිත දරුවා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

සිද්ධිය වාර්තා වූ වහාම සැකකරු අත්අඩංගුවට ගෙන මූලික විමර්ශන කළ කුලියාපිටිය පොලිසිය සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළේය.
         
කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතර නීතිඥ චම්පික ලසිත කුමාර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.



අදහස් (0)

දරුවකු අපයෝජනය කළ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32319 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14827 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 88 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site