(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල යටිගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී අද (18 ) සිදු වු රිය අනතුරකින් සැමියා මියගොස් බිරිඳ සහ දියණිය බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
සිය දියණිය බසයකට නැංවීම සඳහා මාර්ගය අසල රැඳී සිටි පියා, මව දියණිය මෙම අනතුරට මුහුණ පා තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි ආර්. ආර්. සෙනරත් බණ්ඩා 60 හැවිරිදි අයෙකි. බරපතල තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳ ඒ.එච්. ඉන්ද්‍රානි පොඩිමැණිකේ (53) සහ දියණිය ආර් .ආර් .දිල්ශානි ඉදුනිල්කා ( 25) යන අය බව පොලිසිය කියයි.
තුවාල ලැබූ මව දඹුල්ල රෝහලේත් දියණිය කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
දඹුල්ල දෙසින් අලුයම කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් එකිනෙකා තරගයට මෙන් මාර්ගයේ ගමන් කරමින් සිටියදී පෞද්ගලික බස් රථය ප්‍රධාන මාර්ගය මැද නවතා ඇත්තේ මෙම දියණියට ගොඩවිම සඳහාය.
පිටුපසින් අනෙක් බස් රථය ද ඊට ඉස්සර කිරීමට ගොස් තිබෙන බව පසුව පිටුපසින් ආ ලොරි රථයට පාලනය කර ගැනීමට නොහැකිව මෙලෙස අනතුරට පත් වී ඇත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිය අනතුරකින් පියා මරුට: දියණිය - බිරිඳ රෝහලේ