(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන මූලික රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය අද(17) කලවාන නගරයේදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
ඊයේ (16) රෝගියකු සමග රෝහලට පැමිණි පුද්ගලයකු බීමතින් එහි වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට බැණ වදිමින් පහරදීමට තැතැකිරීම සම්බන්ධයෙන් ඔවුහු මෙම විරෝධය පළ කළහ.
මෙම පුද්ගලයා අවස්ථා කිහිපයකම රෝහලට පැමිණ බැණ වැදුණු බවද, ඔහු සම්බන්ධයෙන් නීතිමය පියවරක් නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක නිරත වන බවද ඔවුහු පැවසූහ.
සිද්ධියට අදාළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කලවාන පොලිසිය පැවසීය.


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලවාන රෝහලේ කාර්ය මණ්ඩලය නිහඬ විරෝධතාවක